Thursday, September 19, 2024

General line - 0115112241

කොළඹ රථ වාහන ධාවනය වෙනස් වන ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමයේ දෙවන දිනය අද




රාජගිරිය මංසන්ධිය ආශ‍්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අත්හදා බැලෙන දෙවන දිනය අදයි.

රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද වටරවුම දක්වා මාර්ගය හා ආයුර්වේද වටරවුමේ සිට බොරැල්ල දක්වා දිවෙන කොටා පාරේ ද මෙම රථ වාහන සැලසුම ක‍්‍රියාත්මක වනවා. 

ඒ අනුව ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රධාන මාර්ගයේ රාජගිරිය ඔස්සේ වම් මංතීරුව වෙන්කර ඇත්තේ මගී ප‍්‍රවාහන බස් රථ සඳහායි. 

පොදු ප‍්‍රවාහන සේවා බස් රථ, පාසල් දරුවන් හා කාර්යාල සේවකයින් දස දෙනෙකුට වඩා ප‍්‍රවාහනය කරන වාහන සඳහා ද වෙනම මංතීරුවක් වෙන්කර තිබෙනවා. 

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අත්හදා බැලීම ලබන 18 වනදා දක්වා ක‍්‍රියාත්මකයි.