Thursday, September 19, 2024

General line - 0115112241

ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්




මාර්තු නව වන දිනට යෙදුණු ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සංවිධාන කළ ලෝක වකුගඩු දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, මාතලේ නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදීයි. 

නිරෝගිමත් වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යන්න මෙවර එහි තේමාවයි. 

දැනට වසංගතයක් සේ පැතිරෙමින් ඇති වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස වගකිව යුතු සියලූ ආයතනවලින් ඉල්ලා සිටීම ද මෙහිදී සිදු වනවා.