Saturday, July 27, 2024

General line - 0115112241

විශ‍්‍රාමික ගුරුවරු යළි ගුරු සේවයට අනියුක්ත කිරීම පිලිබඳ ගුරු සංවිධානවල ප‍්‍රතිචාර මෙන්න 




වතුකරයේ පවතින ගුරු පුරප්පාඩු සදහා විශ‍්‍රාමික ගුරුවරුන් යළි බදවා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධය පළ කරනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ විශ‍්‍රාමික ගුරුවරුන් යළි සේවයට බදවා ගැනීමට පෙර දැනට සේවයේ නියුතු ගුරුවරුන් වතුකරයේ පාසල් සදහා අනියුක්ත කිරීමට ඇති හැකියාව පිළිබද පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි. 

බගවන්තලාව ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන් ප‍්‍රකාශ කළේ විශ‍්‍රාමික ගුරුවරුන් වතුකරයේ පාසල් සදහා බදවා ගැනීමට කැබිනට් අනුමැතියද ලබාගත් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගෙන් විමසීමක් කළා. 

කෙසේවෙතත් වතු පාසල්වල පවතින ගුරු හිගයට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිංගෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා.