Saturday, July 27, 2024

General line - 0115112241

ජිනීවා මානව  හිමිකම් මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට ලබා දුන් වසර 02ට දෙමළ සන්ධානයේ විරෝධය




ජිනීවා මානව  හිමිකම් මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට ලබා දුන් වසර 02ට දෙමළ සන්ධානයේ විරෝධය 

සිය යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරිම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රි ලංකාවට වසර දෙකක  කාල සිමාවක් ලබාදීමේ තීරණයට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්තිරන් පවසන්නේ පවතින ව්‍යවස්ථාවට අනුව විදේශිය  විනිසුරුවන් පත් කිරිමට කිසිදු බාධාවක් නොමැති බවයි. 

මෙරට යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය විම සම්බන්ධයෙන් වගවිම් ක‍්‍රියාත්මක කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරිම යන යෝජනා කි‍්‍රයාත්මක කිරීම සදහා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට වසර දෙකක කාලයක් ලබාදී තිබෙනවා. 

කෙසේවෙතත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පෙන්වා දෙන්නේ හිටපු අගවිනිසුරුවරියක වන ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව නඩු ඇසීමට පොදු රාජ්‍ය මණ්ඩලිය විනිසුරුවරුන් පත් කිරිමට ආණ්ඩුව සූදානම් වූයේ නම් මානව හිමිකම් උල්ලංඝණයවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද විදෙස් විනිසුරුවරුන් පත්කළ හැකි බවයි. 

ශ‍්‍රී ලංකා රජය මෙම කරුණු සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග නොගන්නේනම් යුද සමයේ පීඩාවට පත් ජනතාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ප‍්‍රතිලාභ ලබා දීමට හෝ මැදිහත් විය යුතු බවයි සුමන්තිරන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.