Saturday, May 4, 2024

General line - 0115112241

නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ චරිත් අසලංක ඉදිරියට




බංග්ලාදේශයේ මේ දිනවල පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වීමට යොවුන් ක‍්‍රීඩක චරිත් අසලංක සමත්ව සිටිනවා.

ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (28) පැවති තරගයේ දී ඔහු ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඉන්දියාව සමග පැවති තරගයේදී ද ලකුණු 68 ක් රැස් කරමින් චරිත් අසලංක පිත්තෙන් දස්කම් දැක්වූවා.

ඉන්දියාව සමග පැවති තරගය පරාජය වූ ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය මෙහිදී ජය ගත්තා. චරිත් අසලංක මේ වනවිට මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවනවා.

ශ‍්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය මැලේසියාවට එරෙහිව චිතගොන්ග්හිදී හෙට (30) පැවැත්වීමට නියමිතයි.