Saturday, May 4, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව යළි බංග්ලාදේශය හමුවේ




පසුගිය තරගයට සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව බංග්ලාදේශය සමග හෙට පැවැත්වෙන තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයට සහභාගි වන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා. කොළඹ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

මේ අතර ආබාධයකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ලට තවත් සති තුනක පමණ කාලයක් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. මේ හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමිවනු ඇති.