අඩි 1024 ක් දිගැති දැවැන්ත වෙළඳ නෞකාවක් දකුණු අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් සිටියදී අතුරුදන්වී තිබෙනවා.
නෞකාව අතුරුදන්වීමට පෙර එහි නැවියෙකු හදිසි පණිවුඩයක් යොමු කරමින් නෞකාව තුළට ජලය ගලාඑන බව පවසා ඇති බවත් සඳහන්.
එහි සිටි කාර්ය මණ්ඩලයේ 24 දෙනා අතුරෙන් දෙදෙනෙකු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිටියදී උරුගුවේ නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා.
මෙහි පිලිපීන ජාතිකයන් 16 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයන් 8 දෙනෙකු කාර්ය මණ්ඩලයේ සේවය කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ටොන් 260 000 ක් රැගෙන යා හැකි දකුණු කොරියානු සමාගමකට අයත් මෙම නෞකාව සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.