Sunday, April 28, 2024

General line - 0115112241

පකිස්තානය කොදෙව් දේශයේ දී විස්සයි විස්ස තරගාවලියක් ජය ගනියි




සත්කාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය තුනට එකක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. 

ඒ තීරණාත්මක සිව් වන විස්සයි විස්ස තරගය කඩුලූ 07 කින් ජය ගනිමින්. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 08 ක් දැවී ලකුණු 124 ක් රැස් කිරීමට සමත් වුණා. 

පාකිස්තානු ක‍්‍රීඩකයින් එම ඉලක්කය පසුකර ගියේ 19 වන පන්දුවාරයේදීයි. 

බිඳ වැටුණු කඩුළු සංඛ්‍යාව 03 ක්. ලකුණු 14කට කඩුලූ 02 ක් දවා ගත් පාකිස්තානයේ හසන් අලී තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. 

තරග හතරේදී කඩුලූ 10ක් දවා ගත් පාකිස්තානයේ සදාබ් ඛාන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.