Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නැගී එන පිළ ශූරතාවය දිනයි




නැගී එන කණ්ඩායම් අතර පැවැති ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ පාකිස්තානය කඩුලු 05 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය රැස් කළේ ලකුණු 133 ක් පමණයි.

ශ්‍රී ලංකාව කඩුලු 05 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ 24 වැනි පන්දුවාරයේදීයි.

සදීර සමරවික්‍රම ලකුණු 45 ක් රැස් කළා.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ලකුණු 22 කට කඩුලු 03 ක් බිඳ හෙලු ශෙහාන් ජයසූරියයි.

තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක සම්මාන දිනා ගත්තා.

අවසන් මහා තරගය පැවැත්වුණේ බංග්ලාදේශ චිතගොන් ක්‍රීඩාංගණයේදීයි.