Friday, September 20, 2024

General line - 0115112241

කෝප් කමිටුවේ බලය හිටපු සභාපති පහදයි




කිසියම් තැනැත්තෙකු වරදකරුවෙකු කිරීමට හෝ නිවැරදිකරුවෙකු කිරීමට කෝප් කමිටුවට බලයක් නොමැති බව එහි හිටපු සභාපතිවරයෙකු වන ඩිව් ගුණසේකර මහතා පවසනවා.

කෝප් කමිටුවට බලය ඇත්තේ කිසියම් සිද්ධියක් හෝ තැනැත්තෙකු පිළිබඳ විමර්ශනය කර සිය නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පමණක් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කිසියම් අක‍්‍රමිකතාවක් සිදුකර ඇත්දැයි මේ වන විට සංවාදයක් ඇති වී තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අක‍්‍රමිකතාවක් සිදුකර ඇතැයි පවසන පිරිස් කියා සිටින්නේ මහබැංකු අධිපතිවරයා ලෙස ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකළ යුතු බවයි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන අවසන් කරන තෙක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති ලෙස නැවත පත් නොකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද කියා සිටියා.

නෙත් නිවුස් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන ඩිව් ගුණසේකර මහතාගෙන් කරුණු විමසා සිටියේ මෙම කරුණු පාදක කරගනිමින්.

මේ අතර මතභේදාත්මක බැඳුම්කර සිද්ධියේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා කළ කරුණු දැක්වීම්වලින් කෝප් කමිටුවට පෙනී ගිය බව එහි සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (29) කියා සිටියා.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ විගණකාධිපතිවරයාගේ වාර්තාව කථානායකවරයාට ද ලබා දී ඇති බවයි. වැඩිදුර විමර්ශන සඳහා කෝප් කමිටුව ලබන මස 5 වැනිදා රැස්වන බවද ඔහු කියා සිටියා.