Sunday, September 22, 2024

General line - 0115112241

බඹර ප්‍රහාරයෙන් සිල් ගත්ත 61 ක් රෝහලේ




අදට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පොහොය නිිමිත්තෙන් ආරච්චිකට්ටුව විජයකටුපොත විජය ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වූ සැදැහැවතුන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඉන් තුවාල ලැබ ඇති සංඛ්‍යාව 61ක්. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හලාවත මහ රෝහලට සහ ආනවිලුන්දාව ප‍්‍රාදේශීය රෝහලටයි. 

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 49ක්. ඔවුන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ඒ අතරට කාන්තාවන් 21 දෙනෙකු ද ඇතුළත්. වයස අවුරුදු 18ට අඩු ළමුන් 33 දෙනෙකු ද රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඒ අතරට කුඩා ළමුන් පස් දෙනෙකු ද අයත්. තවත් කුඩා දරුවන් දෙදෙනෙකු ආනවිලුන්දාව ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. 

සෙසු පිරිස ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. බඹර කූඩුව බැඳ තිබී ඇත්තේ විහාරස්ථානයේ බුදු පිළියමයක් ආසන්නයේයි.