Sunday, September 22, 2024

General line - 0115112241

නඩු වැඩි නිසා විනිසුරුවරුත් වැඩි කරයි




මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ සංඛ්‍යාව 85 ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

වර්තමානයේ අධිකරණ සේවයේ කටයුතු කරන්නේ මහාධිකරණ විනිශ්චයකාරවරුන් 75 දෙනෙක් පමණයි.

මෙරට අධිකරණවල විසඳා අවසන් නොකළ නඩු විශාල ප‍්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් කඩිනමින් එම නඩු විභාග කර අවසන් කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමයි තීරණය කර ඇත්තේ.

පසුගිය මාර්තු මාසය වනවිට සිවිල් අභායාචන මහාධිකරණවල නඩු 5749 ක් ද, වාණිජ මහාධිකරණවල නඩු 5580ක් ද, අනෙකුත් මහාධිකරණවල නඩු 16,574ක් ද විභාග වෙමින් පැවති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළා.