Thursday, April 18, 2024

General line - 0115112241

‘‘අවුරුද්දක් ඇඬුවත් මදි..ඒත් සිනා මුවින් වැඩ කරනවා‘‘ - සුජීවගේ කළකිරීම ගැන ඇමති වසන්ත කියන කතාව



‘‘යහපාලන රජය යටතේ රාජ්‍ය ඇමැතිවරයකුට කිරීමට ඇති වැඩ ප්‍රමාණය බොහොම සීමා සහිතයි. ඒ කලකිරීම පසුගියදා අපේ සහෝදර රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ඇමැතිතුමාගෙන් හෙළිදරව් වුණා. 

හැබැයි එතුමා ඔය තනිවම මුහුණදෙන ප්‍රශ්නයක් නොවෙයි. අපි සමහර විට ඒ ගැන කතා නොකළාට සමස්තයක් හැටියට මුහුණදෙන ප්‍රශ්නයක්. සමහර විට මට එය පිට කරන්න වුණොත්, අවුරුද්දක් හඬාවැලපිලත් මදි. නමුත් මම හඬා වැලපෙන්නේ නැතිව සිනාසී වැඩ කරගෙන යනවා‘‘ යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක පැවැසීය.