ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක් සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක් තීරණය කර තිබෙනවා.
හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයක් සිදුකරනවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇති බව වාර්තා වනවා.