මව අවවාද කිරීම හේතුවෙන් කලකිරුණු කොළඹ විදුහලක සිසුවියක නිවසේ කාමරයක් තුළදී ගෙලවැලලාගෙන මිය යැමේ සිද්ධියක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය වුණා. මෙලෙස දිවිනසාගෙන ඇත්තේ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ පදිංචිව සිටි දොන් සීමන් පටබැඳි සචින්තනා නමැති 15 හැවිරිදි සිසුවියකි.
මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ හදිසි මරණ පරීක්‍ෂක පාරින්ද කොටුගොඩ මහතා හමුවේ පැවැති අතර, මියගිය දැරියගේ මව්වන තනුජා තුෂාරී කාරියවසම් (47) මෙසේ සාක්ෂි දුන්නා.