Saturday, May 11, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් අයි පී එල් ජයග‍්‍රහණයත් සමඟ මාලිංග වාර්තා පොත් අතරට




2017 අයි පී එල් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිනා ගැනීමත් සමඟ එම කණ්ඩායම නියෝජනය කළ ශ‍්‍රී ලංකාවේ ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා. 

ඒ, වැඩිම වාර ගණනක් අයි පී එල් ජයග‍්‍රහණය කළ කණ්ඩායමක සාමාජිකයින් අතරට එක්වෙමින්. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි පී එල් කිරුළ දිනාගත් තුන්වන අවස්ථාව මෙයයි. 

ඔවුන් මීට පෙර 2013 සහ 2015 ද ශූරතාව දිනා ගත්තා. මෙම අවස්ථා තුනේදීම මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කළා. 

අවස්ථා 04ක දී අයි පී එල් ජයග‍්‍රාහී කණ්ඩායමක සාමාජිකයෙකු වෙමින් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ රෝහිත් ශර්මායි. 
එමෙන්ම ඔහු අයි පී එල් ශූරතාව තුන් වරක් දිනූ පළමු නායකයා ලෙසද වාර්තා අතරට එක්ව සිටිනවා.