Thursday, September 19, 2024

General line - 0115112241

ආපදා සහන සම්බන්ධීකරණයට ආසන මට්ටමින් ඇමතිවරු පත්කෙරෙයි




ආපදා සහන සේවා සම්බන්ධීකරණය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ආපදාවට ලක්වූ දිස්ත‍්‍රික්කවලට ආසන මට්ටමින් අමාත්‍යවරුන් අනුයුක්ත කර තිබෙනවා. මෙලෙස අනුයුක්ත කර ඇත්තේ ආපදාවට ලක් නොවූ ප‍්‍රදේශ නියෝජනය කරන අමාත්‍යවරුන්. 

ඒ අනූව කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල ආසනය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද , අගලවත්ත ආසනය සඳහා අමාත්‍ය එස් බී දිසානායක ද අනුයුක්ත කර තිබෙනවා. බණ්ඩාරගම ආසනයට අනුයුක්ත කර ඇත්තේ අමාත්‍ය පාඨලී චම්පික රණවකයි. මතුගම ආසනයට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද හොරණ ආසනයට අමාත්‍ය සරත් අමුණුගම ද අනුයුක්ක කර තිබෙනවා. කළුතර ආසනයට අනුයුක්ත කර ඇත්තේ අවුෆ් හකීම් සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන්. 

ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම ආසනයට අමාත්‍ය දුමින්ද දිසානායක ද බද්දේගම ආසනයට අමාත්‍ය පී හැරිසන් සහ බෙන්තර ඇල්පිටිය ආසනයට අමාත්‍ය විජේදාස රාජපක්ෂ නම් කර තිබෙනවා. 

මාතර දිස්ත‍්‍රික්කයේ අකුරැස්ස ආසනයේ ආපදා සහන සේවා සම්බන්ධීකරණයට පත් කර ඇත්තේ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපායි. දෙනියාය ආසනයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද වැලිගම ආසනයට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ හක්මන ආසනයට අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා ද අනුයුක්ත කර තිබෙනවා. 
හම්බන්තොට දිස්ත‍්‍රික්කය සඳහා ෆයසිර් මුස්තාපා සහ හරීන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන් අනුයුක්ත කර සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

කෑගල්ල දිස්ත‍්‍රික්ය සඳහා දයා ගමගේ සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. 
රත්නපුර දිස්ත‍්‍රික්කයේ කලවාන ආසනය සඳහා අනුයුක්ත කර ඇත්තේ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තයි. රත්නපුර ආසනය  සඳහා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ද ඇහැලියගොඩ ආසනය සඳහා අමාත්‍ය එස් බී නාවින්න අනුයුක්ත කර තිබෙනවා. පැල්මඩුල්ල ආසනයේ ආපදා සහන සේවා සම්බන්ධීකරණය සඳහා අනුයුක්ත කර තිබෙන්නේ අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරායි. නිවිතිගල ආසනය සඳහා අමාත්‍ය නවීන් දිසානායක අනුයුක්ත කර තිබෙනවා.