Thursday, September 19, 2024

General line - 0115112241

ආපදාවේදී ආණ්ඩුවට එල්ලවන චෝදනාවන්ට ආණ්ඩුවෙන් පිළිතුරු




ආපදා සහන සේවා අවිධිමත් සහ ප‍්‍රමාද වූ බවට ආණ්ඩුවට එල්ල වන චෝදනාවලට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අද (01) පිළිතුරු ලබා දුන්නා. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

ජනාධිපතිතුමා රත්නපුරයට ගිය වෙලාවෙ ජානක වක්කුඹුර, රංජිත් සොයිසා මන්ත්‍රීතුමන්ල මේ වෙලාවෙ එකට එකතු වෙලා වැඩ කරන බව පෙනුන. තවත් සමහරු බොර දියේ මාළු බානව. චක්‍රලේඛ නොසලකා කටයුතු කළොත් එෆ් සී අයි ඩී යන්න වෙයිද දන්නෙ නැ... වගේ ඉඟි දෙමින් නිලධාරීන් අධෛර්යමත් කරනව. 

ඇතැම් අය උත්සහ කරන්නේ ඇති වූ ආපදා තත්ත්වයෙන් ද වාසි ලබා ගැනීමට බව ද අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙහිදී කියා සිටියා. 

මේ අතර විපතට පත්වූවන්ට වන්දි ලබා දීමේ දී රාජ්‍ය නිලධාරීන්ට අපහසුතා කිහිපයකට මුහුණ දීමට සිදුව ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

ආපදා හේතුවෙන් නිවාඩු ලබා දුන් පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ ලබන සිකුරාදා නිශ්චිත ප‍්‍රකාශයක් සිදු කරන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී කියා සිටියා.