Thursday, September 19, 2024

General line - 0115112241

විපතට පත්වූවන්ට සහන ලබා දෙන්නැයි බලහත්කාරයෙන් මෙන් මුදල් ඉල්ලා පැමිණෙන තැනැත්තන්ට හෝ කණ්ඩායම්වලට නොරැවටෙන්න




ආපදා සහන සේවා විධිමත්ව සිදුවන්නේදැයි අධීක්ෂණය කිරීමට කණ්ඩායම් පහක් කේෂ්ත‍්‍රයට පිටත් කර හැරි බව අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා. ඒ අනූව කිසියම් අඩුපාඩුවක් හදුනාගත හොත් වහාම ඒවා නිවැරදි කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

විපතට පත්වූවන්ට සහන ලබා දෙන්නැයි බලහත්කාරයෙන් මෙන් මුදල් ඉල්ලා පැමිණෙන තැනැත්තන්ට හෝ කණ්ඩායම්වලට නොරැවටෙන ලෙස මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.  

අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මෙම අදහස් පල කළේ විපතට පත්වූවන් වෙනුවෙන් ඉන්දියාවෙන් එවා ඇති අධාර තොගයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේදී අද (01) භාර ගනිමින්.