Thursday, September 19, 2024

General line - 0115112241

බම්බලපිටියේ අනතුරකින් පදිකයා මරුට




දෙහිවල - බම්බලපිටිය ප‍්‍රධාන මාර්ගයේ විවේකානන්ද හංදිය අසළ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
ඒ, යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටීමෙන්. 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

මියගොස් ඇත්තේ හැටන්, ගෝල්ඞ් සටි‍්‍රම්වත්ත ප‍්‍රදේශයේ 69 හැවිරිදි පුද්ගලයෙක්.