Thursday, September 19, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට එක්වීමට අගමැති සූදානම්




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද (05) ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට එක්වීමට නියමිතව තිබෙනවා. 

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කරගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කරනු ඇති. 

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේ සභාපති පීටර් තොම්සන් පවසන්නේ සාගර සහ වෙරළබඩ පරිහානිය ආපසු හැරවීමේ ක‍්‍රියාවලිය මෙම සමුළුවත් සමඟින් ආරම්භ කරන බවයි. 

රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන්, ව්‍යවසායකයින් සහ සිවිල් නායකයින් සමුළුව සඳහා එක් වනවා.