Saturday, January 18, 2025

General line - 0115112241

රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා  නවතා දැමීමට යන රටවල්




කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා නවතා දැමීමට රටවල් 04ක් තීරණය කර තිබෙනවා. 

බී බී සී ලෝක සේවය සඳහන් කළේ බහරේනය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එම්ර් රාජ්‍යය යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා නවතා දමා ඇති බවයි. 

කටාර් රාජ්‍ය ත‍්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දැක්වීම මීට හේතු වී තිබෙනවා. 

කටාර් රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ට සිය රටින් ඉවත් වන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍ය පැය 48ක කාලයක් ලබාදිය යුතු බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.