Saturday, July 27, 2024

General line - 0115112241

කොල්ලූපිටියේ ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අවදානමක් - ගොඩනැගිල්ල අවටින් හැකි ඉක්මනින් ඉවත්වන්න




කොල්ලූපිටිය 19 වන පටුමගේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ නිවස්නයකින් එහි රැඳී සිටි නිලධාරීන්ට ඉවත් වන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා. 

ඊට හේතු වී ඇත්තේ එම ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් මතුව තිබීමයි. මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් රැඳී සිට ඇති බවයි පොලිස් මූලස්ථාන ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 

යාබද ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිදු කෙරෙන කැණීම් හේතුවෙන් මෙම පොලිස් නිල නිවාසය ඉරි තැලීමකට ලක්ව ඇති බවයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.