Saturday, July 27, 2024

General line - 0115112241

දරුවන්ගේ ඇට මිදුලූ බද්ධ කිරීමේ සැත්කම් ඇරැඹිමට සියල්ල සුදානම් - සෞඛ්‍ය ඇමතිගෙන් ප‍්‍රකාශයක්




ඉදිරි මාස 03 ඇතුළත දරුවන් වෙනුවෙන් ඇට මිදුලූ බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අරඹන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

එවැනි සැත්කමක් සඳහා රුපියල් මිලියන පහක පමණ මුදලක් වැය වන බවයි බණ්ඩාරගම ගෝනඳූව ග‍්‍රාමීය රෝහලේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා කියා සිටියේ. 

දැනට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

තැලසීමියා රෝගීන්ගේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් මහනුවර මහ රෝහලේ දී ආරම්භ කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.