Saturday, July 27, 2024

General line - 0115112241

කරාපිටිය රෝහල ඉරි තලයි - ඉංජිනේරුවරුන් විශේෂ පරීක්ෂාවක




ගාල්ල කරාපිටිය රෝහලේ වාට්ටුවක ඉරි තැලීමක් සිදුව තිබෙනවා. එය නිරීක්ෂණය වී ඇත්තේ ඊයේ රාත‍්‍රීයේදීයි. 

නෙත් නිවුස් ඇමතූ කිහිප දෙනෙකු ප‍්‍රකාශ කළේ වාට්ටුවේ ස්ථාන කිහිපයක ඉරි තැලීම් දක්නට ලැබෙන බවයි. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායකගෙන් විමසීමක් කලා. 

ඔහු කියා සිටියේ ඉරි තැලීමක් ඇති බවට තොරතුරු දැන ගත් වහාම ඒ පිළිබඳ පරීක්ෂා කළ බවයි. 

ඒ සඳහා විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවරුන්ගේ සහය ද ලබා ගත් බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. 

කෙසේ වෙතත් ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ එම ඉරි තැලීම බරපතල තත්ත්වයක් නොවන බවයි. 

එබැවින් රෝගීන් ඉවත් කිරීමක් සිදු නොකල බව රෝහල් අධ්‍යක්ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

අද දිනයේ දී ඇති වී තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවටත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්ක තවදුරටත් නාය යාම් අවදානමේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන ප‍්‍රකාශ කළා.