Saturday, July 27, 2024

General line - 0115112241

මෝටර් රථය උඩට අලියෙක් පෙරලෙයි - ජිවිත දෙකක් අනු නවයෙන් බේරේ (PHOTOS)




අනුරාධපුර පාදෙණය මාර්ගයේ තලාව සුසාන භුමිය අාසලදි අද (12) උදෑසන පාර මාරු විමට පැමිණි අලියකුගේ ගැටීමෙන් කාන්තාවක් පැදවු මෝටර් රථයකට බරපතල හානි සිදුවී තිබෙනවා.  

මෙසේ අනතුරට පත්ව ඇත්තෙ අනුරාධපුර සිට කුරුණැගල දෙසට ගමන් ගත් මෝටර් රථයකි. 

අලියා මෝටර් රථයේ වැදිමත් සමග මෝටර් රථය උඩට අලියා පෙරලි තිබේ ඉන්පසු බිය වු අලියා වනයට පලා ගියද අලියා හටද තුවාල සිදු වී තිබු පව සිද්දිය දුටුවෝ පවසයි. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිම කෙනෙකුට හානියක් සිදුවි නොමැති බවයි.