Monday, November 11, 2024

General line - 0115112241

STF එකට  බෙහෙත් කරන්න එපා කියා කිවුවත් 'හදවත් රෝගී නිලධාරියාගේ ජීවිතය' තවත් වෛද්‍යවරු පිරිසක් බේරා දුන් හැටි 




සයිටම් විරෝධී උද්ඝෝෂණයේ දී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට ජාතික රෝහලේ දී ප්‍රතිකාර නොකරණ ලෙස කතාබහක් ඇතිව තිබෙන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

එම ස්ථානයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙකු සිටි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ පොලිස් රෝහලේ කරන ලද සංචාරයකින් අනතුරුවයි.

එහෙත් උද්ඝෝෂණයේ දී හදවත් රෝගී තත්ත්වයක් ඇතිවූ සෙබළෙකුට ඉතා හොඳින් කඩිනම් ප්‍රතිකාර ලබාදී ඔහුව සුවපත් කිරීමට තවත් වෛද්‍යවරු පිරිසක් කටයුතු කර තිබූ බවද අමාත්‍ය සාගල රත්නායක එහිදී සඳහන් කළා.