Tuesday, May 14, 2024

General line - 0115112241

හේරත්ගේ පන්දුහමුවේ බිඳ වැටුණු  සිම්බාබ්වේ යළිත් හිස එසවූ හැටි (UPDATE)




රංගන හේරත්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බිඳ වැටුණු සිම්බාබ්වේ දෙවන ඉණිමට ජීවයක් ගෙන දීමට එම කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් අද (16) ප්‍රබල සටනක නිරත වුණා. 

ඒ අනුව ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වූයේ ද සිම්බාබ්වේ කණ්ඩායමට වැඩි ගෞරව ගෙන දෙමින්. 

දිනය නිමා වනවිට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලූ 06ක් දැවී ලකුණු 252ක් රැස්කර ගෙන සිටියා. 

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලූ 05 ලකුණු 59ක් තුළ බිඳ වැටුණා. 

පසුව පිටියේ එක්වූ සිකන්දර් රාසා හා පීටර් හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගුවා. 

ලකුණු 40කට පීටර් මෝර් දැවී යාමත් සමග පිටියේ එක්වූ මැල්කම් වොලර් දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් සිකන්දර් රාසා සමග එක්ව හත්වන කඩුල්ල සඳහා ලකුණු 107ක නොබිදිණු සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. 

රාසා නොදැවී ලකුණු 97යි. වොලර් නොදැවී ලකුණු 57යි. රංගන හේරත් ලකුණු 85කට කඩුලු 04ක් බිඳ හෙළුවා. 






------------------------------

සිම්බාබ්වේ පිළ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් (16-07-2017 15:00)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවන ඉණිම තේ පානය සඳහා නතර කරන විට කඩුලූ 05කට ලකුණු 126ක් ලෙස දැක්වුණා. 

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම කඩුලූ 05ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණූ 136ක් ඉදිරියෙන් සිටිනවා. 

රංගන හේරත් කඩුලූ 04ක් දවා ගැනීමට සමත්ව සිටිනවා. 

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 356ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 346ක් පමණයි.
-----------------------------------------

ශ්‍රී ලංකා පිළේ සියල්ලන් දැවී යයි - ලකුණු 10 කුත් පසුපසින් (16-07-2017 12:00)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අද (16) තුන්වන දිනයේ ශ්‍රී ලංකා ඉනිම සියලුදෙනා දැවී ලකුණු 346 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.

.ඒ අනුව සිම්බාබ්වේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා ශ්‍රී ලංකා පිළ ලකුණු 10 ක් පිටුපසින් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 356 ක්. 

මේ වන විට සිම්බාබ්වේ සිය දෙවන ඉනිම ආරම්භ කර ඇති අතර ඒ අනුව කඩුලු 02 ක් දැවී ලකුණු 17 ක් රැස්කරගෙන සිටිනවා. 

-----------------------

අසේල සහ රංගන ඉනිම ගොඩ ගන්න ලොකු සටනක

(2017 - 07 - 16 10:18)

 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අද (16) තුන්වන දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින්නේ අසේල ගුණරත්න සමග රංගන හේරත්. ඔහුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 30 ක් සහ 11 ක් ලබා සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 305 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (15) තරගය නිමා කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 356 ක් රැස් කළා.

කේ‍්‍රග් අර්වින් එහිදී ලකුණු 160 ක් ලබාගත් අතර, රංගන හේරත් ලකුණු 116කට කඩුලු 5 ක් බිඳ හෙලුවා.

අසේල ගුණරත්න සහ ලහිරු කුමාර කඩුලු 2 ක බැගින් ලබා ගත්තා.