Wednesday, February 5, 2025

General line - 0115112241

මොබිටෙල් කෑෂ් බොනැන්සා දෙවැනි අදියරේ සුපිරි මොන්ටේරෝ රථය පන්නිපිටියට




මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දෙවන අදියරේ ජූනි මස ජයග්‍රාහිකාව ලෙස පන්නිපිටියේ සුජීවි රේණුකා ද සිල්වා තමන්ට හිමි මෝටර් රථය දිනා ගත්තා. 

මෙම වසරේ දී මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහනෙන් සුඛෝපභෝගී මොන්ටේරෝ රථ 12ක් ප්‍රදානය කිරීමට නියමිතයි. 

ගත වූ මාස 06දී පාරිභෝගිකයින් එක් ලක්ෂ අටදහස් හයසිය හය දෙනෙකු අතරේ රුපියල් මිලියන 185ක් වටිනා ත්‍යාග මෙම වැඩසටහන හරහා ලබාදී තිබෙනවා. 

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමග සම්බන්ධ වීමට ඕනෑම මොබිටෙල් පෙරගෙවුම්, පසු ගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයින්ට හැකියි. 

සෑම රුපියල් 50ක රිචාර්ජ් කිරීමක්, රීලෝඩ් කිරීමක් හෝ පසුගෙවුම් බිල්පත් ගෙවීමකින් මෙම දිනුම් ඇදීමට සම්බන්ධ විමට හැකි බවයි මොබිටෙල් සමාගම පැවසුවේ.