Tuesday, September 24, 2024

General line - 0115112241

ආනන්ද..ධර්මරාජ..මලියදේව.. මහින්ද 'හැමෝටම' අද සුවිශේෂි දවසක් 




ලක්දිව බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු ජාතික සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ජන්ම දින සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

1822 අගෝස්තු 02 දා අමෙරිකාවේ නිව් ජර්සියේ උපත ලද ඔහු  1875 නොවැම්බර් 17 දින නිව්යෝර්ක් හි පරම විඥානාර්ථ ව්‍යාපාරය ඇරඹු අතර පසුව පෙරදිග රටවලද සාමකාමි සහෝදරත්වය හා සත්‍යය පදනම් කරගත් පරම විඥාානාර්ථ ධර්මය පතුරුවාලීමට ඉන්දියාවටද ලංකාවටද පැමිණියා.

වෙසක් පොහොය ආණ්ඩුවේ නිවාඩු දිනයක් කිරීම සහ බෞද්ධ පෙරහැරවල් පැවැත්වීමට රජයෙන් අවසර ලැබීම ඉටු වූයේ ඕල්කොට් තුමාගේ ඉමහත් පරිශ්‍රමය මතයි.

1895 අගෝස්තු 03 දා ලක්දිව ප්‍රථම දහම් පාසල ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයේ ඇරඹුණු අතර අද රට පුරාම දහම් පාසල් සේවාව විහිදී ඇත්තේය. 

බෞද්ධ පාඨශාලා පිහිටුවීම සඳහා  අරමුදලක් ඕල්කට් තුමා විසින් ආරම්භ කළ අතර කොළඹ ආනන්ද ,ගාල්ල මහින්ද ,මහනුවර ධර්මරාජ,කුරුණෑගල මලියදේව වැනි විදුහල් ඉන් අනතුරුව බිහි වුණා.