Tuesday, September 24, 2024

General line - 0115112241

"ජනතාවට තිගැස්මක් ඇති කළා"




හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කළ ආකාරය හේතුවෙන් මුළු ජාතියම මහත් තිගැස්සමකට ලක්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙවැනි වැදගත් උපාය මාර්ගික රාජ්‍ය දේපළක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත් ආණ්ඩුව එසේ නොකල බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වරාය වටිනාකම තක්සේරු කළ ආකාරය හා හොඳම ලන්සුව තෝරා ගත් ආකාරය ගැටළු සහගත බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ආණ්ඩුව රටේ ඇති කර තිබෙන ආර්ථික අර්බුදය රාජ්‍ය දේපළ විකිණීමට හේතුව බවයි හිටපු ජනාධිපතිවරයාගේ මතය වී තිබෙන්නේ. ගත වූ වසර දෙකහමාරක පමණ ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 13.7ක්. මේ සියලු මුදල් වැය කර ඇත්තේ පරිභෝජනය සඳහායි. මෙම ණය ගෙවීමට ප‍්‍රමාණවත් මුදල් සොයා ගත නොහැකි වූ බැවින් ආණ්ඩුව රාජ්‍ය දේපළ විකුණන බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 

(එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)