Tuesday, September 24, 2024

General line - 0115112241

අද සිදු කෙරෙන "ජාතික විරෝධතාවට" පාර්ශ්ව රැසක් එක්වෙයි




වෛද්‍ය, ගුරු, දුම්රිය, විදුලි, ජලසම්පාදන ඇතුළු වෘත්තීය සමිති රැසක් සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනයට අද (02) එක් වනවා.

මෙම විරෝධය සංවිධාන කරන්නේ සයිටම් විරෝධී ජන පවුරයි.

සයිටම් ආයතනය වහාම වසා දමන ලෙස ආණ්ඩුවට බල කිරීම එහි ප‍්‍රධාන අරමුණයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති ද මෙම විරෝධයට එක් වනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම විරෝධයට එක්වන තවත් පාර්ශවයක්.

අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය, රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය, ලංකා තැපැල් සේවා සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය සහ ලංකා විදුලි සේවක සංගමය ද මෙම විරෝධයට සහය දක්වන වෘත්තීය සමිති අතරට අයත්. 

කෙසේ වෙතත් මෙම විරෝධතාවය පිටුපස ඇත්තේ දේශපාලන අරමුණක් පමණක් බවයි ආණ්ඩුව පවසන්නේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් පල කරමින් සඳහන් කළේ මෙම විරෝධතා සඳහා 02 වැනිදා තෝරා ගත්තේ සයිටම් නඩුව අද දින අධිකරණයේ විභාග කෙරෙන හේතුවෙන් බවයි. විරෝධතා හරහා අධිකරණය බය කිරීමේ උත්සහයක ඔවුන් නිරත වෙනු ඇති බවද සඳහන් කෙරුණා. කුමණ ගැටලුව පැමිණියත් සයිටම් අහෝසි නොකරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.