Tuesday, September 24, 2024

General line - 0115112241

අපොස උසස් පෙළ විභාගයට අදාළව අද සිට කෙරෙන තහනමක් ගැන දැනුම් දෙයි




මේ වසරේ පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම අද (02) මධ්‍යම රාත‍්‍රීයේ සිට තහනම් වනවා.

එමෙන්ම අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම, අනුමාන ප‍්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත‍්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම ද සපුරා තහනම්.

එම තහනම සැප්තැම්බර් මස 02 වැනි දා දක්වා බල පැවැත්වෙනු ඇති. කිසියම් අයෙකු මෙම නියෝග කඩකරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකියි. 

මෙවර උසස් පෙළ විභාගය අගොස්තු 08 වැනිදා ආරම්භ වනවා. එය අවසන් වන්නේ සැප්තැම්බර් 02 වැනිදායි.

මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙන විභාගයට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ පහලොස් දහස් දෙසිය විසි හතක්.