Sunday, September 8, 2024

General line - 0115112241

සයිටම් පාගමන අද කොළඹට ආවත් රැළිය පවත්වන තැනක් තවමත් නෑ 




සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලබන පාගමන අද (4)කොළඹට පැමිණීමට නියමිතයි. 

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කළේ මෙම පාගමනට සහ ජන රැළියට ද ආණ්ඩුව සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ආණ්ඩුව කෙරෙහි මහජන විරෝධය ඉදිරියේ දී තවත් දැඩි වනු ඇති බවයි.

සයිටම් විරෝධි මෙම පාගමන ඉකුත් 31 වනදා මහනුවරින් ආරම්භ වුණා. කෙසේ වෙතත් කොළඹට පැමිණීමෙන් පසු පාගමන අවසන් කර ජන රැළිය පවත්වන්නේ කුමන ස්ථානයකදැයි සංවිධායකයන් තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධාන කෙරෙන මෙම පාගමන සම්බන්ධයෙන් සහ සයිටම් ආයතනය පිළිබඳ  ඔබේ අදහසට ද නෙත් නිවුස් වේදිකාව විවෘත කර තිඛෙනවා. 077 902 18 24 අංකයට ඔබේ අදහස් වයිබර් කළ හැකියි.