Tuesday, September 24, 2024

General line - 0115112241

පාන් මිළට වෙන දේ මෙන්න




තිරිඟුපිටි සහ තිරිඟු ඇට සඳහා රජයේ බදු සහන ලබා දුන්නද තිරිඟු පිටි මිළ වෙනසක් නොකිරීම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිළ අඩු කර ජනතාවට සහන දිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන තිරිඟු පිටි පමණක් බේකරි හිමියන් පාන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර තිරිඟු පිටි කිලෝවක් මිළදී ගැනෙන්නේ රුපියල් 90කට බවත් බේකරි නිෂ්පාදන සඳහා 15%ක වැට් බදු සහ 2%ක ජාතික ගොඩනැගීමේ බදු වශයෙන් සියයට 17%බද්දක් ගෙවීමට බේකරි හිමියන්ට සිදුවී ඇති බවයි ඔහු පවසන්නේ.