Tuesday, September 24, 2024

General line - 0115112241

ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්




ජපානයේ ටෝකියෝ සිට කිලෝමීටර් 600ක් පමණ දකුණින් පිහිටි ඉසූ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා 

රික්ටර් මාපක 5.6ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිතව සහ ඔගවසර දූපත්වලට  කාලගුණ අංශ විසින්  සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව භූමිකම්පාවෙන් මිනිත්තු 40කට පමණ පසු ඉසු දූපත් සමූහයට අයත් හචිජෝ දූපතට සෙන්ටිමීටර 50ක පමණ උසැති උදම් රළක් පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ චලනයෙන් කිසිදු ජිවිත හානියක් සිදුවී නොමැති බවයි