Wednesday, September 25, 2024

General line - 0115112241

පිට වූ බව කියන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ගුරාගේ පවුලේ අයට වෙච්ච දේ




මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් අත් පති‍්‍රකාවක මුද්‍රණය කර බෙදාහැරි බව කියන උපකාරක පන්ති ගුරුවරයාගේ පියා සහ සහෝදරයා ගම්පහ පොලිිසියට කැඳවා තිබෙනවා.

ඔවුන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවයි පොලිසියේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ උපකාරක පංති ගුරුවරයා සැබෑ ලෙසම විභාගයට පෙර අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදී ඇත්දැයි සොයා බලන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා  ඕනෑම අයෙකුට පැමිණ විස්තර ලබාදිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේ වෙතත් උපකාරක පංති ගුරුවරයා විසින් බෙදා හරින ලද අත් පත‍්‍රිකාවේ සඳහන් ප‍්‍රශ්න හා විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ තිබූ ප‍්‍රශ්න අතර සම්බන්ධයක් ඇති බව බැලූ බැල්මට පෙනී යන කරුණක්. එම විස්තර මෙතැනින් නැරඹිය හැකියි.

රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට අදාළ විභාගය පැවති ඉකුත් සෙනසුරාදා පෙරවරු 11.30 ට විභාගය අවසන් වී විනාඩි 05කට පමණ පසුව මෙම අත්පත‍්‍රිකාව බෙදා හැරීම හේතුවෙන් මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත්තේ. 

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න, කලින්, වෙනත් පාර්ශ්වයක් අතට පත්වූ බවට පළවන වාර්තා කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවයි.