Friday, December 27, 2024

General line - 0115112241

බොකෝ හරාම් ළමා මිනිස් බෝම්බ ලොව කළඹයි!




නයිජීරියාවේ බොකෝහරාම් සටන්කාමීන් විසින්, ළමුන්, මිනිස් බෝම්බ ලෙස යොදා ගැනීම සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මෙම වසරේ ගත වූ මාස අට තුළ බොකෝහරාම් කැරළිකරුවන් විසින් ළමුන් බෝම්බ ප‍්‍රහාර සඳහා යොදා ගන්නා ලද අවස්ථා 83ක් වාර්තා වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේ. එය 2016 වසරට සාපේක්ෂව සිව් ගුණයක ඉහළ යාමක්.

යුනිසෙෆ් වාර්තාවට අනුව බෝම්බ ප‍්‍රහාර සඳහා යොදා ගනු ලැබ ඇති ළමුන්ගෙන් 55 දෙනෙක් වයස අවුරුදු 15ට අඩු දැරියන් බව සඳහන්.