Sunday, September 8, 2024

General line - 0115112241

ඡායාරූපයකින් උතුරු කොරියාවේ යුද රහස් හෙළිකරගෙන




උතුරු කොරියානු නායක කිම් ජොන් අන් යුද අවි නිෂ්පාදනාගාරයක සිදු කළ අධීක්ෂණ චාරිකාවක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයක දී ඔවුන් විසින් මෙතෙක් අත්හදා බලා නොමැති මිසයිල් අවි දෙකක් ගැන තොරතුරු හෙළිදරව් වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

එසේ නිකුත් වූ පින්තූර හොඳින් නිරීක්ෂණය කරන විට ඉන් එකක  මිසයිල් වර්ග දෙක පිළිබඳව විස්තර කෙරෙන බිත්ති සටහන් ඒ තුළ දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කිම් ජොන් අන් උතුරු කොරියානු ආරක්ෂක විද්‍යා ඇකඩමියේ සිදු කළ සංචාරය වාර්තා කරමින් නිකුත් කරනු ලැබ ඇති මෙම ඡායාරූප මත Hwasong-13 සහ Pukguksong-3 යනුවෙන් නම් කරනු ලැබ ඇති මිසයිල් වර්ග දෙකක් ගැන තොරතුරු දැක්වෙනවා.

එම අධීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද පින්තූරයක ඇතුළත් එක් බිත්තියක Hwasong-13 නව මිසයිල් වර්ගයේ රූප සටහන් මත කිම් ජොන් අන් ගේ සෙවනැල්ල වැටී ඇති අතර ඊට විරුද්ධ පැත්තේ බිත්තියේ සවි කරනු ලැබ ඇති සබ්මැරීන් මගින් පහර දෙන නව බැලස්ටික් මිසයිලයකට අදාළ රූ සටහනේ වැඩි කොටසක් නිලධාරීන්ට වැසී පවතිනවා.

Hwasong-13 අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයේ තෙවැනි අදියරක් පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

Pukguksong-3 රූප සටහනේ සබ්මැරීන් මගින් නිකුත් කරන බැලිස්ටික් මිසයිලයක් බවයි හඳුනාගෙන ඇත්තේ.