Friday, October 18, 2024

General line - 0115112241

"හාර්වි" අමෙරිකාවට කළ විනාෂය වැඩි වෙයි




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයට කඩා වැදුණු "හාර්වි" සුළි කුණාටුව හේතුවෙන් ප‍්‍රාන්තයේ වෙරලබඩ ප‍්‍රදේශවලට දැවැන්ත හානි සිදුව තිබෙනවා.

පැයට සැතපුම් 130ක වේගයෙන් ආරම්භ වූ කුණාටුවේ වේගය පසුව අඩු වූ අතර ඇතැම් ප‍්‍රදේශවලට ධාරිනිපාත වැසි ද ඇද හැළුනු බවයි බී බී සී ලෝක සේවය සඳහන් කළේ.

වසර 13කට පසු අමෙරිකාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඇද හැලෙන වැසි හේතුවෙන් ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශවලට ගං වතුර අවදාමනක් ද මතුව තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ නිවාස සුන් බුන් අතර ඇතැම් පිරිස් සිරවී සිටින බවටද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

සුළි කුණාටුවෙන් බරපතලම හානිය සිදුව තිබෙන්නේ ලක්ෂයක පමණ පිරිසක් ජීවත්වන ටෙක්සාස් ප‍්‍රාන්තයේ රොක්පෝට් ප‍්‍රදේශයටයි.