Saturday, July 27, 2024

General line - 0115112241

කොළඹ ආරක්ෂක සමුළුව ඇරඹෙයි




2017 කොළඹ ආරක්ෂක සමුළුව අද (28) ඇරඹුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ‘‘ ප‍්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීමේ ගෝලීය ප‍්‍රවණතා’’ යන්න මෙවර සමුළුවේ තේමාවයි.

මේ සඳහා විදේශීය හමුදා සහ සිවිල් විද්වතුන් 91කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. විදෙස් විද්වතුන් 15 දෙනෙකු මෙහිදී දේශන පැවැත්වීමට ද නියමිතයි. ඊට සහභාගී වන සංඛ්‍යාව 800ක්. 

 මෙම ආරක්ෂක සමුළුව හෙට දිනයේ ද පැවැත්වීමට නියමිතයි. 

සමුළුව සඳහා රටවල් 35ක් නියෝජනය කරමින් නියෝජිතයින් 200කට වැඩි පිරිසක් ද සහභාගී වනු ඇති. ඉන්දියාව කේන්ද්‍ර කරගත් විවිධ රටවල ආරක්ෂක දූත නිලධාරීන් විසි දෙදෙනෙකුද කොළඹ රාජකාරීන්හි නිරත ආරක්ෂක දූත නිලධාරීන් 10ක් ද සම්මන්ත‍්‍රණයට සහභාගී වනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ විශ‍්‍රාමික අද්මිරාල් විලියම් ජේ. ෆැලෝන් මෙවර සමුළුවේ ප‍්‍රධාන දේශකයායි. 80 දශකයේ අගභාගයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සාම සාධක හමුදා අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ විශ‍්‍රාමික ජනරාල් අශෝක් මෙහෙතා ද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඊට සහභාගී වනවා.