Saturday, July 27, 2024

General line - 0115112241

කාලගුණය වෙනස් වෙයි! මධ්‍ය කඳුකරයට තද වැසි!




මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට අද උදෑසන සිට අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වර්ෂාවත් සමග බොහෝ ප‍්‍රදේශවල අධික මීදුම් තත්වයක් ද පවතින බවයි. අද පෙරවරුවේ හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ හා හැටන් - කෙළඹ ප‍්‍රධාන මාර්ගයේද ස්ථාන රැසකම දැඩි මීදුම් තත්වයක් පැවතුණා. 

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ. පවතින වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ ප‍්‍රධාන මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

අද සහ හෙට යන දිනවල දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශවලට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා. බොහෝ ප‍්‍රදේශවල අහස වලාකුළින් බරවයි පවතින්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත් මෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල හා කළුතර යන දිස්ත‍්‍රික්කවලට වැසි ඇති වනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර ලබන 06 වනදා තෙක් සූර්යා ශ‍්‍රී ලංකාවට ඍජුවම ඉහළින් ගමන් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12.12ට නවලඩි, චලෙයි, පෙරියපරන්තන් යන ප‍්‍රදේශවලට ඍජුව හිරු මුදුන්ව පවතිනු ඇති.