Saturday, July 27, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් සභාපතිට සහ රක්නා ලංකා හිටපු සභාපතිට මහාධිකරණයෙන් සිතාසි!




ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට ලබන සැප්තැම්බර් මස 19 වන දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා. ඒ, ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේ්ස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවක් කොළඹ මහාධිකරණයේ දී අද කැඳවූ අවස්ථාවේදීයි.

මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අවසන් කරමිනුයි අදාළ නඩුව මහාධිකරණය හමුවේ කැ`දවා ඇත්තේ. රුපියල් මිලියන 355ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙලෙස නඩු පවරා තිබෙනවා. 

නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බවයි.

2012- 2014 කාලය අතර දී විත්තිකරුවන් විසින් අදාළ අල්ලස් ගැනීම සිදු කර ඇති බවද කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.