20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ දී අද (28) විභාගයට ගත් අවස්ථාවේ උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් සභාවේ කටයුතු අත්හිටුවීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමට පෙර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් පක්ෂ නායක හමුවක් කැඳවනු ලැබුවා.
ඉන් අනතුරුව පනත් කෙටුම්පත යළි සභාවට ඉදිරිපත් කළ යුතු බවටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ.
ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත‍්‍රීවරුන් සභාවේ සෙංකෝලය උදුරා ගනිමින් නොසන්සුන් ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සෙංකෝලය යළි ලබාගැනීමට උත්සහ දරා තිබෙනවා.
එහිදී සෙංකෝලයට ද හානි සිදුව තිබුණා. එබැවින් එය සභාවෙන් පිටතට ගෙන ගිය බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.