Saturday, July 27, 2024

General line - 0115112241

අනුන්ගේ ඩෙබිට් කාඩ් පතින් වංචා කළ 'මේ පුද්ගලයාව' හසුවුණා(PHOTOS)




සොරකම් කරන ලද ඩෙබිට් කාඩ් පතක් යොදා ගනිමින් වංචා සිදු කරන පුද්ගලයෙකු පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් වාර්තා වනවා.

ඔහු එම ඩෙබිට් කාඩ්පත යොදා ගනිමින් රුපියල් ලක්ෂයකට වඩා ප්‍රමාණයක් වංචා කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

වත්තල සහ පෑලියගොඩ සුපිරි වෙළඳ සැල් මගින් සහ වත්තල සුපිරි ඇඳුම් අලෙවි සැළකින්   ඔහු භාණ්ඩ මිලට ගෙන ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා විසින් ඩෙබිට් කාඩ්පත සමග පසුම්බියක් ද සොරකම් කර ඇති අතර එහි හැඳුනුම්පත ඇතුළු තවත් වටිනා ලියකියවිලි රැසක්ද තිබී තිබෙනවා.

එම පුද්ගලයාව මේවනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ  ඡායාරූප පහතින් දැක්වෙනවා.