Saturday, July 27, 2024

General line - 0115112241

අව්වැසි ආවරණයක් නිසා හලාවත  ජනතාව කඩු පොලු රැගෙන ගැටුමක

ප්‍රසාද් පුර්ණමල්




හලාවත - වැල්ල ග්‍රාමයේ ජනතාව අද (28) දහවල් හලාවත මාළු වෙළදසැල ආසන්නයට පැමිණ ඊට යාබදව ඉදිකර තිබුණ අව්වැසි ආවරණයක් කඩා ඉවත් කිරීමත් සමග ගැටුම්කාරී තත්වයක් හටගෙන හටගත්තා.

හලාවත වැල්ල ගම්මානයේ හා හලාවත රිදී වැල්ල ගම්මානයේ දෙපිරිසක් අතර මෙම  ගැටුම ඇතිවූ අතර මෙය පාලනය කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන්ද කැඳවීමට හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුව තිබෙනවා .

හලාවත මාළු වෙළදසැල ආසන්නයේ ඉදිකරමින් තිබු මෙම අව්වැසි ආවරණය ඉදිනොකරන ලෙසට තමන් සියළු වගකිවයුතු ආයතන වලින් ඉල්ලා සිටි නමුත් අදාළ වගකිවයුතු  ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නිසා කුපිත වූ ගම්වැසියන් මෙය කඩාබිඳ දැමූ බව හලාවත වැල්ල පාරම්පරික ධිවර සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු පවසනවා. 

මේ හේතුවෙන් තම ධීවරයන්ට දැල් බේරා ගැනීමේ ගැටළු මතුවී තිබු බව පැවසූ රොෂාන් ප්‍රනාන්දු මේ වන විට හලාවත නගර සභාව විසින් ද මෙය අනවසර ඉදිකිරීමක් ලෙස නම් කර තිබෙන බවද, තමන් ගැටුමකට නොගියත් රිදී වැල්ල ගම්වැසියන් කඩු පොලු රැගෙන ගැටුමට පැමිණීම හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් ඇති වූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

පැයකට ආසන්න කාලයක් මේ ගැටුම පැවතී තබෙනවා. මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.