Friday, September 27, 2024

General line - 0115112241

නිධානයක් හෑරූ රාජ්‍ය ව්‍යවස්ථා අමාත්‍යංශයේ රියදුරා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ජුඩ් සමන්ත - පුත්තලම




ආණමඩුව - පුලියන්කුලම වැව් ඉස්මත්තේ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28)  සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන ඇති අය අතර රාජ්‍ය ව්‍යවස්ථා අමාත්‍යංශයේ රියදුරෙකුද වනවා. ඔහු ආණමඩුව - තම්මැන්නාගම පදිංචිකරුවෙක්.

සෙසු සැකකරුවන් අතර වාරියපොල පදිංචිරුවන් තිදෙනෙකු, රම්බොඩගල්ල පදිංචිකරුවෙකු සහ ආණමඩුවේ පදිංචි අයෙකුද සිටිනවා.

නිධානය ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන ස්ථානයේ තිබී ලොරි රථ දෙකක් සහ බැකෝ යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්,ලොරි රථ දෙක සහ බැකෝ යන්ත්‍රය ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.