Friday, September 27, 2024

General line - 0115112241

යාපනයේදී වල්අලි පහරදීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

මාධව කුලසූරිය - වවුනියාව




යාපනය,වඩමාරචිචි නැගෙනහිර මරුදන්කේනි ප‍්‍රදේශයේදී වල්අලි පහරදීමකින් ඊයේ (28) සවස පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වල්අලි පහරදීමෙන් අනතුරුව වනජිවි නිළධාරීන්, පොලිස් නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව වල්අලි එළවීම සිදුකොට මළ සිරුර සොයාගත් බව යාපනය පලෙයි පොලිසිය සඳහන් කළා.

මේ වනවිට මියගිය පුද්ගලයාගේ සිරුර යාපනය රෝහලේ තැන්පත් කොට ඇති අතර, තුවාලකරුවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබෙනවා.

සිද්ධිය සොයා බැලීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන්ද අදාළ ස්ථානය වෙත පැමිණ සිටිනවා.

මේ සම්බන්ධයෙන් යාපනය පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.