Friday, September 27, 2024

General line - 0115112241

හිටපු ඇමති මර්වින් යළිත් කරළියට - 'ආණ්ඩුවට එරෙහිව' සටනක් අරඹයි  




මහ ඉලුප්පල්ලම ගොවිපොළ විදේශ රටකට ලබා දීම ඇතුළු කරුණු තුනකට එරෙහිව තමන් නඩු පැවරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

nethnews.lk වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු සඳහන් කළේ හම්බන්තොට වරාය වෙනත් රටකට පැවරීම සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාස කිරීමට එරෙහිවද ඒ අනුව නඩු පවරන බවයි.

තමන්ගේ ගම හම්බන්තොට බවත් හම්බන්තොට වරායේ සම්පත් අශීලාචාර ලෙස විකිණීමට තමන් විරුද්ධ බවත්  ඔහු අවධාරණය කර සිටිනවා.