Friday, September 27, 2024

General line - 0115112241

සන්ධාන මන්ත්‍රී කළුරිය කරයි 




වත්මන් ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන   කිත්සිරි සෙනරත් අත්තනායක  කොළඹ පෞද්ගලික රෝහලකදී  අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අමාත්‍යවරයෙකු ලෙසද පළාත් සභාවේ කටයුතු කර තිබෙනවා.

අද (29) උදෑසන ඔහු පුද්ගලික රෝහලකදී මිය යන විට 51 වන වියේ පසු වුණා.


1999 වර්ෂයේ බිබිල ආසනය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරීපත්වූ ඔහු මිය යන අවස්ථාව  දක්වාම ඌව පළාත් සභාව නියෝජනය කරනු ලැබුවා.

1999 වර්ෂයේ ඌව පළාත් කෘෂිකර්මල ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේද ඔහුයි.

එජාපයේ හරින් ප්‍රනාන්දු ඌවේ  මහ ඇමැති කරවීමට සහාය දුන් සන්ධාන මන්ත්‍රීවරු අතර සිටි ප්‍රභලම චරිතය වූයේ ද  කිත්සිරි සෙනරත් අත්තනායක මන්ත්‍රීවරයායි.